”ගැසට් ගැහුවාට වැඩක් නෑ අපි වර්ජනය කරනවා” තැපැල් සෙවකයෝ කියති

සැලසුම් කළ පරිදි අද (14) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

අද පස්වරු 4.00 සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් සේවයෙන් ඉවත් වන බව එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට සමස්ත තැපැල් සේවකයන් තැපැල් සේවා කටයුතුවලින් ඉවත්වී එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *