2007 වර්ෂයේ පැවති තරග විභාගයෙන් සමත්ව 2009 හා 2010 වර්ෂවලදී සේවයට බඳවාගත් ග්‍රාම නිළධාරීන් කණ්ඩායමට බඳවා ගැනීමේ සිට මේ දක්වා සිදුකරන අසාධාරණකම් සහ ග්‍රාම නිළධාරී සේවාවට හඳුන්වදුන් නව සේවා ව්‍යවස්ථාවෙන් සිදුවන අසාධාරණකම් සඳහා ග්‍රාම නිළධාරීවරු සිය විරෝධය දක්වති .
මෙම ගැටළු පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම් සමග පසුගිය කාලයේ සාකච්චා කිහිපයක් පැවැත්වුවද ඒ සියල්ල අසාර්ථක වූ බව 2009 – 2010 වසරවක සේවයට බඳවාගත් ග්‍රාම නිළධරීහු පවසති .
එබැවින් තම ගැටළු සඳහා කඩිනම් විසඳුමක් සඳහා වගකිවයුතු පාර්ශවයාන්ගේ අවධානය යොමුකරලනු වස් 2026 මාර්තු 3 වනදා රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී නිහඬ විරෝධයක් පැවැත්වීමට එම ග්‍රාම නිළධාරීහු තීරණය කර ඇත .