ගල් අඟුරු බාල බව ලාල් කාන්ත පිළිගනියි.

නොරොච්චෝලේ ලක්විජය බලාගරයේ භාවිතය සඳහා ආනයනය කළ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බවට එල්ල වී ඇති චෝදනා තමන් පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත පවසයි .

එසේ වුවත් එම ගණුදෙනුවට අදාල ටෙන්ඩරට පිරි නැමිමේදී කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නොමැති බව ඔහු අවදාරණය කරයි .

බාල තත්ත්වයේ ගල්අඟුරු සැපයීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව අයකරගැනීම සඳහා යාන්ත්‍රණයක් සහ නිර්ණායකයක් ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

වාර්තාකරුවන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, රටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා රජය නිර්ණායක අනුව කටයුතු කරන බව ඔහු වඩි දුරටත් පැවසීය.

“බාල තත්ත්වයේ ගල්අඟුරු සපයා ඇති බවට එල්ල වන චෝදනා සත්‍යයි. නමුත්, ගල් අඟුරු ටෙන්ඩරය පිටුපස කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නැහැ. චෝදනා හුදු ප්‍රකාශ පමණයි,” ඔහු පැවසීය.