ඛණිජ තෙල් ඒකාධිකාරිය ඉවරයි. විදෙස් සමාගම් තුනක් තෙල් වෙළඳපොළට

විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවස ඇත.

ඒ අනුව Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් තුන නොදුරේදීම ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

මෙම විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ( සිපෙට්කෝ ) ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් වෙන් කර දීමට නියමිතය. ඊට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමටද එම සමාගම් වෙත අවසරය හිමිවනු ඇත.

මෙම සමාගම් තුනට ලංකාවේ සිල්ලර වෙළඳපොළ කටයුතු සඳහා වසර 20 කට වලංගුවන බලපත්‍රයක් හිමිවන අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට එමගින් ඔවුනට අවසර හිමිව ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *