කොළඹ ජාතික රෝහලේ සිවිලිමේ ලක්ෂ 90ක ශල්‍ය උපකරණ

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ සඟවා තිබියදී හමුවී ඇති බව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ටදැනුම් දී තිබුණ ද එය ඉටුවී නොමැති බවත් එබැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළිකර ගැනීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේන බවත්ය.

අදාළ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අංශ බලධාරීන් කැඳවා තිබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *