කොළඹ අයවැය දෙවන වතාවේ සම්මත වෙයි.

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර ඇතිබව වාර්තා වේ . පුරපතිනී ව්‍රායි කෙලී බල්තසාර් විසින් අද ඉදිරිපත් කරනා ලද අයවැයට පක්ෂව ඡන්ද 58 ක්ද විපක්ෂව ඡන්ද 56 ක් ද ලැබී ඇත. ඒ අනුව වැඩි ඡන්ද 2 කින් කොළබ මහ නගර සභාවේ අයවැය ලේඛනය සම්මත වී ඇත.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එයට විපක්ෂව ඡන්ද 60 ක්ද පක්ෂව ඡන්ද 57 ක්ද ලැබීමෙන් පරාජයට පත්වුණා.