කොළඹට බිත්තර එන්නේ අදයි

ඉන්දියාවේ සිට පසුගිය 19 වනදා මෙරටට ආනයනය කළ මිලියනයක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව අද (24) දිනයේ දී සිදුකරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එමෙන්ම පසුගිය 15 වනදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාවේ වාර්තාව ද අද (24) දිනයේ ලැබීමට නියමිතව ඇත.

මෙම බිත්තර තොගය අද (24) දිනයේම, කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *