කොටි සමග සටන් කළ සිවිල් ආරක්ෂකයෝ 5000 ක් අලි සමග සටනට.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය සහ මහජන ආරක්ෂාව ඉහළ නංවනු රිසින් එම දෙපාර්තමේන්තුවේ සෙබළුන් 15,000 ක් කඩිනමින් වෙනත් දෙපාර්තමේන්තු වෙත ආනුයුක්ත කරනා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය .

වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු පැවසූවේ සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 5,000ක පමණ පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුවටත්, තවත් 10,000 ක් පොලිස් දෙපාර්තමේන්තුව වෙතටත් නිදහස් කිරීමට නියමිත බවය.

සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය .