කුලියාපිටියේ අතුරුදහන් වූ තරුණයාගේ සිරුර හමු වූ තැන

කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර මාදම්පේ කැළෑවකින් හමු වී තිබෙනවා.

මෙලෙස හමු වූයේ තම පෙම්වතියගේ නිවසට යන බව පවසා පසුගිය 22 දින සිට අතුරුදන් වූ සුසිත් ජයවංශ නැමති තරුණයාගේ මළ සිරුරයි.

මෙම තරුණයා පැහැරගැනීමට යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී මීට දින කිහිපයකට පෙර පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

මොහු අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැක කෙරෙන සිඟිති නොහොත් සුජිත් ප්‍රනාන්දු නැමැත්තා ඊයේ (06) අධිකරණයට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගරගත කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!