කුඩු සළිඳුගේ පෙත්සම විභාගයට

කුඩු සළිඳුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

කුඩු සළිඳු නොහොත් සළිඳු මල්ෂාන් ගුණරත්න නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *