කුඩු සළිදුගෙන් අධිකරණයට පෙත්සමක්.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සළිඳු මල්ශික හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ඔහුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෙම පෙත්සම පිළිබඳ ලබන 20 වනදා ස්ථාවරය දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

අත්අඩංගුවේ පසුවන සළිඳු මල්ශිකගේ මව විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *