කිරිපිටි මිල අඩුවෙන ලකුණු

ඉදිරි මාස කිහිපයේදී ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුවිය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසයි.

පසුගිය සතියේදීද ආනයනය කරන ලද කිරිපිටි ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 1120 කට අලෙවි කරනු ලබන අතර රුපියල් 3100ක්ව පැවති කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කර ඇත.

කෙසේ වෙතත්, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයා පැවසුවේ එළඹෙන ජුනි මාසය වනවිට කිරිපිටි මිල තවදුරටත් පහළ යා හැකි බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *