කිරිපිටි මිල දැනට ප්‍රකාශ කර ඇති පරිදි අප්‍රේල් මස මුල් සතියේ සිට පහත හෙළන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
පැරණි මිල ගණන් යටතේ ආනයනය කළ කිරිපිටි තොග අවසන් වූ පසු නව මිල ගණන් යටතේ කිරිපිටි වෙළඳපොළට නිකුත් කරන බව එම සංගමයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි
ආනයනික කිරි පිටි කිලෝවක මිල රුපියල් 200කින් සහ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කිරීමටයි කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වේ.