කැළනි ගඟ අවට පහත් බිම් වලින් වහා ඉවත් වන්න – කොළඹ දිස්ත්‍රික් ලේකම් පවසයි

කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යමින් පවතින බැවින් තවමත් පහත්බි වලිම් වහා ඉවත් වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ ඉල්ලා සිටී.

එලෙස ඉවත්වන ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයේ අවශ්‍ය පහසුකම් සපය ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පවසයි .

ඒ අනුව, කඩුවෙල – මාලබේ, අතුරුගිරිය – මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාව මේ පිළිබඳව කඩිනම් ප්‍රතිචාර දැක්විය යුතු බව ආපදා කළමනා කරන අංශ පවසයි