ක්‍රිකට් කළමණාකරුවෙක්ට තරග පාවා දීමට අදාලව අධි චෝදනා

පල්ලෙකැලේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක යෝගි පටෙල් ක්‍රිකට් කළමණාකාරවරයාට මාතලේ මහාධිකරණය අධි චෝදනා බාර දී තිබෙනවා.

නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් විත්තිකරුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණ බාරයට පමුණුවන ලෙසත් අධිකරණය දන්වා සිටියා.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ පස්වන වගන්තියේ( ඇ)වගන්තිය ප්‍රකාරව පැවරූ මෙම නඩුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවරූ පළමු අධිචෝදනා නඩුව වන අතර දකුණු ආසියාවේ පැවරූ පළමු නඩුව බවද සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!