ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්යක්ෂවරයකු වූ කපිල චන්ද්‍රසේනගේ අභාවය සැකකටයුතු මරණයක් ලෙස සලකා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබේ.
අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත. පොලිස් ‘බී’ වාර්තාවට අනුව, මරණය සිදුව ඇත්තේ එම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුළය.
මෘත ශරීරය හමුවන අවස්ථාවේ එය පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත තබාගෙන සිටින ඉරියව්වක තිබී ඇත. නාන කාමර දොරේ පටියක් සිරකර තිබූ බවත්, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ද කැඩී ගිය පටියක කොටසක් තිබූ බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කටයුතු අවසානයේ මෘත දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක ගේ සහෝදරිය වෙත මුදාහරින ලෙස ද වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත. කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ මෙවන විට විදෙස්ගත වී සිටි.