ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සැලසුම්

මෙරට රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බවත් මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව සියයකටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *