ඔස්කාර් සම්මාන උළෙලින් රතු පලස ගැලවේ

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබේ.

මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයකි. ඔස්කාර් සංවිධායකයින් පෙන්වා දෙන්නේ , මෙවර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් භාවිත කරන බවයි.

මෙවර සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි වුණේ, එවිරිතින්ග් එවිරිවෙයා ඕල් ඇටි වන්ස් (Everything Everywhere All at Once ) හි රංගන දායකත්වය වෙනුවෙන් Ke Huy Quan ය
එම චිත්‍රපටයේම රංගනය වෙනුවෙන් ජේමී ලී කාර්ටස් හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ය.

මෙවර සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනා ගත්තේ, රුසියානු හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නැවැල්නිගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වූ නැවැල්නි සිනමා පටයයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *