ඔපෙක් සංවිධානයෙන් ගත් තීරණය නිසා තෙල් මිලට වෙන දේ .

එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට ඊයේ (5) රැස්වූ ‘OPEC +’ රටවල, නියෝජිතයෝ තීරණය කළ බව වාරතා විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ එමගින් ලෝක ආර්ථිකය ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීන්දුව ගත් බව එම සංවිධානයේ නියෝජිතයෝ උපුටාදක්වමින් එම මාධ්‍ය වාර්තා කරයි . මෙම තීරණයට අනුව දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට තීරණය කර තිබෙන බව සඳහන් වේ .

මෙම සංවිධානය රටවල් 10 කින් සැදුම්ලත් සංගමයක් වන අතර මෙහි ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන(තෙල් අපනයනය කරන රටවල්) සාමාජිකත්වය දරණවා.

ඒ අනුව තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සංගමයේ සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය යන රටවල් 8 සිය එකඟතාවය පළ කර තිබෙනවා.