එයිටි ක්ලබ්” (80 CLUB) විවෘත වෙයි

පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කළාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් පැවසීය .

සභාපතිවරයා පවසන්නේ මේ වනවිට එවැනි වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි 35-40ත් අතර සංඛ්‍යාවක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් හඳුනාගෙන ඇති බවයි.

එවැනි ඉඩම් සංවර්ධන කටයුතු සදහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට බැහැර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව සභාපතිවරයා සඳහන් කරයි. එම ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය කිරීමේදී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි ඒවා සංවර්ධනය කිරීම අනිවාර්ය බවද ඔහු පෙන්වා දෙයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මේ බව කියා සිටියේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 CLUB) ආයතනය මහජනතාව වෙනුවෙන් විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිණි.

“එයිටි ක්ලබ්” යනු කොළඹ පැරණිතම සමාජ ශාලාවකි. මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” නමින් හැඳින්වේ. පසුකලෙක එය මෙලෙස කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත කර තිබේ.

2020 වසරේදී මෙය රජයට පවරා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *