එමීර් රාජ්‍ය පරදා ‘ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම’ ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ හැටි

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුණා.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර විෂ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගැනීමට සමත්වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණයි.

මෙහිදී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් බිඳ හෙළුවා.

ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත් රටවල් බවට පත්ව ඇති අතර සුදුසුකම් ලැබීමේ වටයේ අවසාන තරගයට එම කණ්ඩායම් දෙක තරග වැදීමට ද නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!