එකම භූමිකම්පාවෙන් ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගන්ස්ථානය සෙළවේ

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසයි.

ඇෆ්ගනිස්ථානයේ, පකිස්ථානයේ සහ ඉන්දියාවේ සමහර ප්‍රදේශවලට භූමිකම්පාවක් දැනී ඇති අතර, භීතියට පත් නිවැසියන් අරක්ෂාව තකා මාර්ගවලට රැස්ව සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.

භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.8ක් ලෙස සටහන් වූ බවත්, කම්පනය උතුරු ඇෆ්ගනිස්ථානයේ බඩක්ෂාන් පළාතට ආසන්න හින්දු කුෂ් කඳුවැටියේ කේන්ද්‍රස්ථානය වූ බවත් පාකිස්තානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *