එකම දිනයේ එකම ආයතනයේ ප්‍රදානියා සහ සේවිකාවක් සියදිවි නසාගනී.

යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සැල් දෙකක් පවත්වාගෙන යනු ලබන කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ එම වෙළෙද සැලක සේවය කළ සේවිකාවක් එකම දිනයේ ස්ථාන දෙකක දී ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තෙ යාපනය නාවන්තුරේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් සහ යාපනයේ ආනයිපාණ්ඩි නාවලර් වීදියේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකුයි.

මෙම දෙදෙනා එකම දිනයේ සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වැඩිදුර විමර්ශන යාපනය පොලිස් විසින් සිදු කරන බවත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *