උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ලගදීම

සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ (03) පැවැති සාකච්ඡාවෙන් පසුව අතරමග නතර කර තිබූ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

එහිදි අදහස් දැක්වූ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේ දෛනික දීමනාවක් ලෙස ගෙවීම් සිදුකිරීමට අමාත්‍යවරයා එකඟ වූ බවයි.

“මේ වෙනකොට ඇමතිතුමා එකඟතාවය පළ කරන්නනට යෙදුණා කිලෝ මීටර් 80ට අඩු දුර ප්‍රමාණය සහිත අයට රුපියල් 2,000ක දීමනාවකුත්. කිලෝ මීටර් 80ට වැඩි අයට රුපියල් 2,900ක දිමනාවකුත් ලබා දෙන්න එකඟ වුණා. දෛනික දීනාවක් විදියට. ඒ නිසා අපි තීරණය කළා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමේ කටයුතුවලට නායකත්වය ලබා දීලා ඉක්මනින් ඒ කටයුතු ආරම්භ කරන්න.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *