උසස් පෙළ උත්තර පත්‍ර ගැන තීරණය අනිද්දාට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනිද්දා (25) අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් දීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව ප්‍රකාශ කළ එම සම්මේලනයේ නිලධාරියකු විසින් ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත විධායක සභා රැස්වීමේදී පිළිතුරල පත්‍ර පරීක්‍ෂාව ගැන තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *