උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවා රැසක්

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් හා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස විසින් ප්‍රකාශ කළහ.

ඒ අනුව අප්‍රේල් මාසයේ රාත්‍රී 7.30 ට කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියක් සවස 5.20 ට බදුල්ල සිට‌ කොළඹ දක්වා දුම්රියක් විශේෂ දුම්රියන් ලෙස ධාවනයට එක් කර ඇත.

තව ද අප්‍රේල් 05 වැනි දා සිට දිනපතා උදෑසන 6.30 කොටුව සිට බදුල්ල දක්වා ධාවනය‌ට එක්කළ දුම්රිය හා බදුල්ල සිට කොටුව බලා උදෑසන 7.00 ට ධාවනය‌ට එක්කළ දුම්රිය අප්‍රේල් 17 දක්වාම දිනපතා ධාවනයට‌ එක්කර ඇති අතර ඊට අමතරව අප්‍රේල් 15 හා 16 දින දෙකේම කොටුව සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා තිබෙන බවත් 16, 17 දින දෙකේ ගාල්ල සිට කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා ඇති බවත් වැඩි දුරටත් පවසයි.

එ මෙන්ම කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවත් ලබන 18 වැනි දා දක්වා මේ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් සාමාන්‍ය අධිකාරී වරයාද ප්‍රකාශ කළේය.

මේ අතර අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ ද ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *