ඊශ්‍රායල් නෞකාවක් ඉරාන නාවික හමුදාව අත්පත් කරගනී .

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී නාවික නීති උල්ලංඝනය කළ නෞකා දෙකක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව ඉරාන මුහුදු සීමාව වෙත රැගෙන ආ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව අද පැවසීය .

නිවේදනය කරමින් ඔවුන් පවසන්නේ ‘MSC-Francesca’ සහ ‘Epaminodes’ යන නෞකා දෙක මෙලෙස ඉරාන මුහුදු සීමාවට රැගෙන ආ බවයි . ‘MSC-Francesca’ නෞකාව ඊශ්‍රායලය සතු එකක් බව ඉරාන ආරංචි මාර්ග පවසයි .

අදාළ නෞකා බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වීම, නාවික පද්ධති සාවද්‍ය ලෙස වෙනස් කිරීම (Tampering) සහ රහසිගතව සමුද්‍ර සන්ධියෙන් පිටවීමට උත්සාහ කරමින් සමුද්‍රීය ආරක්ෂාව අනතුරේ හෙළීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.