ඊශ්‍රායලයේ යුද ඇමති ඉල්ලා අස් වෙයි

ඊශ්‍රායල යුද කැබිනෙට්ටුවේ ප්‍රබලයෙක් ලෙස සැලකෙන ඊශ්‍රායල රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන බෙනි ග්‍රාන්ට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැතිවීම හේතුවෙන් මතුවී ඇති අර්බුදය හේතුවෙන් ඔහු ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව සඳහන්.

තමා මෙම තීරණය ට එළඹුණේ දැඩි පසුතැවිල්ල හේතුවෙන් බව ඊයේ (09) ටෙල් අවීව් නගරයේ දී මාධ්‍ය අමතමින් ඔහු පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!