ඉන්ධන හිඟය ගැන කාංචන විජේසේකර ගෙන් ප්‍රතිචාරයක්

පසුගිය දින දෙක තුළ දී ඉන්ධන වර්ග කිහිපයක හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වීමත් සමග ඊට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කකරමින් පෙන්වාදෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතු කිසිදු ඛනිජ තෙල් නිෂ්පාදනයක හිඟයක් නොමැති බවය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් නෞකාවක් ද ලබන 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *