ඉන්ධන බෙදාහැරීමට විදෙස් සමාගම් ලගදීම..

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බවත් අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඊයේ (03) රාත්‍රී 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“ගිවිසුම්වලට එළඹීම කියන තත්ත්වය දක්වා ගිහින් තියෙනවා. මම හිතනවා ඉදිරි සති තුන ඇතුළත ගිවිසුම්ගත වීමක් සිදුවෙනවා. ඒ වගේම ඒ ආයතන ඉල්ලීමක් කරලා තියෙනවා, කඩිනමින් මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලබාදෙන්න කියලා. ඒ අනුව ඉදිරි මාස 2ක තුළ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ වීමට නියමිතයි.”

එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 200 බැගින් ලබාදීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී සඳහන් කළේය.

“ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යටතේ, ඉන්ධන බෙදාහරින දැනට තියෙනවා පිරවුම්හල් ගත්තහම 1,142ක්. මේකෙන් පූර්ණ හිමිකම තියෙන්නේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පිරවුම්හල් 234යි. ඉතුරු පිරවුම්හල් 908 තියෙන්නේ පෞද්ගලික බෙදුම්කරුවන්ට. පිරවුම්හල් 908න් 450ක් තමා අනෙක් සමාගම් තුනත් එක්ක කටයුතු කිරීමට යෝජනා කරන්නේ. ඊට අමතරව ඔවුන්ට ලැබෙනවා ඔවුන්ගේම පිරවුම්හල් හැටියට. ඒ කියන්නේ ඔවුන්ට භූමිය තියෙනවා නම් අලුතින් පිරවුම්හල් ඉදිකිරීම සඳහා. හැම සැපයුම්කරුවෙක්ටම අලුතින් 50ක් ඉදිකර ගන්න. ඒ සැපයුම්කරුවන්ට ඉන්ධන පිරවුම්හල් 200ක වෙළෙඳපොළක් තමා ඔවුන්ට හිමිවෙන්නේ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *