ඉන්දු ශ්‍රී ලංකා බෝට්ටු සේවාවට ඉන්දීය අනුමැතිය ප්‍රමාදයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ලබාදිය යුතු සියලු අනුමැතින් ලබාදී ඇති බව නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර පවසයි.

නමුත් ඉන්දිය පාර්ශවයෙන් ඒ සඳහා අනුමැතියන් සියල්ල මෙතෙක් ලැබී නොමැත. ඒ සඳහා තවදුරටත් අනුමැතිය ලබාගැනීම සිදුකෙරෙමින් පවතින බව ද වාර්තා වේ.

දෙරට අතර බෝට්ටු සේවාව ආරම්භ කිරීම සඳහා කන්කසන්තුරේ වරායේ අවශ්‍ය සියලු පහසුකම් මැයි මස පළමු සතිය වනවිට සම්පූර්ණ කළ හැකි බව ද, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් දෙරට අතර බෝට්ටු සේවාව ආරම්භ කෙරෙන දිනය මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බව නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *