ඉක්වදෝර පාර්ලිමේන්තුව විසුරුවා හරී

විපක්ෂයෙන් ගෙන ආ දෝෂාභියෝගයක් මධ්‍යයේ ඉක්වදෝර ජනාධිපති ගියෙමො ලැසෝ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

සිදු වූ බව කියන දූෂණ වංචාවක් සම්බන්ධ සිද්ධියක් මුල් කර ගනිමින් විපක්ෂය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙම චෝදනා දේශපාලනිකව අභිප්‍රේරණය වූ ඒවා බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාව ධුරයෙන් නෙරපා දැමිය හැකි මට්ටමේ මැතිවරණයක් පැවැත්වීමට ආසන්නව තිබියදී ජනාධිපතිවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *