ඇමරිකාවේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්

ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින්, වයස අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් ගෙන ඒමට සූදානම් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව ඇමරිකාව පුරා සමාජ මාධ්‍ය භාවිතය සඳහා ජාතික වයස් සීමාවක් ප්‍රකාශයට පත්කරමින් හදුන්වාදුන් නව ද්වීපාර්ශවික යෝජනාවක් හරහා එම තහනම පැනවීමට නියමිත බවය.

නව යොවුන් වියේ පසුවන ළමයින් සඳහා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික්ටොක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය යෙදවුම් භාවිත කිරීමට අදාළ ගිණුම් නිර්මාණය කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබාගත යුතු බවටද එම කෙටුම්පතෙහි වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *