ඇමරිකානුවන්ට අනතුරු ඇගවීම්

සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙසට ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් විසින් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂක හේතූන් මත අදාළ උපදෙස් ලබා දී ඇති බව ටෙක්සාස්හි මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සතියේ මෙක්සිකෝ දේශ සීමාව තරණය කළ අමෙරිකානුවන් හතර දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණ. එම හේතුව නිසා මෙක්සිකෝවේ සංචාර කිරීමෙන් වළකින ලෙස ටෙක්සාස් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *