ආසියානු සංවර්ධන බැංකුවෙනුත් ණය ගන්න සූදානමක්

ආර්ථික ස්ථායීකරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකමක් ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීර්ණ අරමුදල් පහසුකමට සමගාමීව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක තාක්ෂණික සහාය ආධාර මුදලක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *