ආසියානු රග්බි තරගාවලියේ පළමු කොටසේ ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු රග්බි තරගාවලියේ පළමු කොටසේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ කසකස්තානයට එරෙහිව ලකුණු 45-07ක පහසු ජයක් වාර් තා කරමින්.

මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට 31-00 ක් ලෙස පෙරමුණේ පසු වූ ශ්‍රී ලංකාව දෙවැනි අර්ධයේ දී තවත් ලකුණු 14 ක් රැස්කළ කළා. කසකස්ථානයට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 07ක් පමණයි.

මෙම තරගය ආසියානු රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සත්කාරයෙන් කොළබ, රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!