ආශා ඩි වෝස්ගෙන් ලෝකයටම පාඩමක්

තල්මසුන් පිළිබඳ ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික සමුද්‍ර ජෛව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩිවෝස් පසුගියදා කැනඩාවේ දේශනයකට ගිය අවස්ථාවේ ඇයට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ඇය සිය ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබුණි.

කැනඩාවේ වික්ටෝරියාහි පැවැති දේශනයක් සඳහා සහභාගී වනුවස් එහි ගිය ඇය, ශාලාවේ ප්‍රධාන දොරටුවෙන් අදාළ ස්ථානයට පිවිසෙත්ම එහි ලියාපදිංචිය භාරව සිටි කාන්තාව ඇය වහා නවත්වා සනීපාරක්ෂක සේවකයන් ඇතුළු වෙන්නේ මේ දොරෙන් නොවේ යැයි වෙනත් පිවිසුමක් පෙන්වා ඇත. එපමණක්ද නොව කම්කරු සේවිකාවන් ඇතුළුවන දොර යැයි වෙනත් දොරක් පෙන්වා එයින් ඇතුළුවන ලෙස ද මෙම තරුණිය අණ කර තිබේ.

එහිදී සිදුවූ සිදුවීම ඇය මෙසේ සඳහන් කර ඇත.

”මා දේශනයට ගිය ස්ථානයේ තරුණිය මට සනීපාරක්ෂක සේවිකාවන් යන්නේ මේ දොරටුවෙන් නොවේ කියා වෙනත් දොරටුවක් පෙන්වුවාම මම කළේ ඇයට පසුපස හැරී බලන ලෙස පැවසීමයි. එතැන මගේ ප්‍රමාණය වගේ පස් ගුණයකට වඩා විශාල මගේ ඡායාරූපයක් සහිත බැනරයක් එල්ලා තිබුණා.”

ආචාර්ය ආශා ඩිවොස් තල්මසුන් සම්බන්ධයෙන් පර්යෂණ ගණනාවක් සිදුකර ඇති අතර, ඇය ඒ වෙනුවෙන් ඕෂන්ස්වෙල් නම් පර්යේෂණ ආයතනයක්ද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන්නීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *