ආනයන සීමා ලිහිල් කෙරේ – ඒත් වාහන ආනයනට ඉඩක් නෑ

මේ වන විට පනවා ඇති භාණ්ඩ ආනයන තහනම ඉදිරි මාස හතර තුළදී ක්‍රමයෙන් ලිහිල් කිරීමට නියමිත නමුත් වාහන ආනයනය සදහා වන සීමාවන් ලිහිල් නොකිරිමට කටයුතු කරනු ඇතැයි භාණ්ඩාගාර ආරංචිමාර්ග සදහන් කරයි.

වාහන ආනයනය සදහා වසරක ඇමරිකානු ඩොලර් බිලියන දෙකක මුදලක් වැය කරන අතර එය රටේ විදේශ සංචිත සම්බන්ධයෙන් සෘජුව බලපෑම් කරන බැවින් මෙසේ වාහන ආනයන සීමාව තවදුරටත් පවත්වාගෙන යනු ඇතැයි භාණ්ඩාගාර ආරංචිමාර්ග පවසයි. ඒ අනුව වාහන ආනයන තහනම තවත් වසරක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ වන විට පනවා ඇති භාණ්ඩ තහනම ලිහිල් කිරීමෙන් පසුව පනවනු ආනයනය සීමාවන භාණ්ඩ සංඛ්‍යාව 100 – 150 කට සීමා වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව පරිඝනක, ජංගම දුරකතන, රූපවාහිනී, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ආහාර, ඇදුම්, ලෙදර් නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, වෛද්‍ය උපකරණ, වාහන අමතර කොටස්, කර්මාන්ත සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, සෙරමික් නිෂ්පාදන සදහා පනවා ඇති ආනයන තහනම ක්‍රමිකව ඉවත් කෙනෙු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීරණ ණය පහසුකම යටතේ ලබාදෙන පළමු වාරිකය ලබාදීම සදහා අවශ්‍ය එකගතාවය පළ කිරීමෙන් පසුව මෙසේ ආනයනය තහනම ක්‍රමිකව ලිහිල් කිරීමට කටයුතු කරමින් තිබේ.

දැනට පනවා ඇති ආනයන සීමාවන් ලිහිල් කිරීම සදහා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මාර්ග සැලසුමක්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉල්ලා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *