ආදායම් බදු වාර්තා ඔන්ලයින් ක්‍රමයට

අප්‍රේල් 1 සිට ඇරඹෙන වසර 2023-2024 බදු වර්ෂයේ සිට සෑම වසරකම පුද්ගල ආදායම් බදු වාර්තා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්‍රමයෙන් ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ආදායම් බදු වාර්තා කඩිනමින් සහ ක්‍රමානුකූලව දෙපාර්තමේන්තුවට ලබාගැනීම තුළින් ආදායම වැඩිවීම පමණක් නොව බදු ගෙවන්නන්ටද පහසුව සැලසීමේ අරමුණෙන් මේ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වසරේ (2022 -2023) තනි පුද්ගල ආදායම් බදු වාර්තා ඔන්ලයින් ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීමට නැතිනම් සාමාන්‍ය ක්‍රමයට ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බවත් ඒ අනුව වසර 2022 – 2023 බදු වර්ෂය සඳහා වන වාර්තා ලබා දීමේ කාලය සේ සැලකෙන මෙම මස 31 වැනිදායින් පසු නොවැම්බර් 30 දක්වා කාලය තුළ ඔන්ලයින් ක්‍රමයට හෝ සාමාන්‍ය ක්‍රමයට තම දෙපාර්තමේන්තුවට ඒවා ලබා දිය හැකි බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *