ආංශික කාරක සභා ගැන ජනපති මත විමසුමකට මන්ත්‍රි කණ්ඩායමක සුදානමක් 

ආංශික අධික්ෂණ කාරක සභාවලට නිසි බලයක් නොමැති නම් ඒවායෙන් ඉවත් විය යුතු යැයි විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් අතර සාකච්ඡාවක් වී තිබේ. 

ටෙලිකොම් සමාගම පෞද්ගලිකරණයට අදාළව ජාතික ආරක්ෂාව පිළිබදව ආංශික කාරක සභාව නිකුත් කළ වාර්තාව ප්‍රතික්ශේප කිරිමට ජනාධිපතිවරයා තම මාධ්‍ය ඒකකය උපයෝගි කර ගැනිම ඊට හේතු වී ඇත. 

ව්‍යවස්ථාවට වගකියන කාරක සභාවක් සම්බන්ධයෙන් විධායකය හුදකලාව එසේ තම මතය පළ කිරිම සම්ප්‍රධා විරෝධි යැයි මෙම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡා වී තිබේ. 

ඒ අනුව ආංශික අධික්ෂණ කාරක සභා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ මතය විමසීමට ද ඔවුහු කතිකා කරගෙන ඇත.

මාක් සිල්වා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *