අයි.එම්.එෆ් ස.ජ.බ දෙකට බෙදෙයි

පාර්ලිමෙන්තුවේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළබි ගිවිසුම පිළිබඳ චන්ද විමසීම නිසා ප්‍රධන විපක්ෂය වන සමගි ජන බලවේගයේ බරපතල බෙදීමක් ඇති වීමට නියමිත බව වාර්ථා වේ.

එම පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ සැළකිවයුතු පිරිසක් ගිවිසුමට පක්ෂව ඡන්දය දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පෙන්වා දී ඇති බව වාර්තා වේ. විපක්ෂ නායකයාද ඊට යම් තරමක අනුකූළතවයක් පෙන්වා ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රමුඛ පිරිසක් ගිවිසුමට පක්ෂව චන්දය නොදිය යුතු බවට විපක්ෂ නායකයාට බල කරමින් සිටිනා බව වාර්තා වේ. ගිවිසුමට ස.ජ.බ විරුද්ධ වීමෙන් සිදුවන්නේ ජනතා විරෝධයට පක්ෂය ලක් විමත්, මන්ත්‍රිවරුන් විශාල ගණනක් ආණ්ඩුවට යාමත් බව පක්ෂයේ ජ්‍යේෂ්ටයෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පෙන්වා දී ඇත. එහෙත් ගිවිසුමට විරුද්ධ විය යුතු බව කියනා පාර්ශවය ගිවිසුමට විරුද්ධ විඅ නොහැකිනම්, චන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙන් පිට වීමට හෝ විපක්ෂ නායකයා පොළබවා ගැනීමට උත්සහ දරමින් සිටිනා බව වාර්තාවේ.

mehemama dhanna

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *