අයි.එම්.එෆ් උවමනාවට කම්කරු නීති 13 ක් සංශෝදනය කරන්න යනවා.

ලෝකෙ පැය 08 වැඩ කළේ එක්දාස් අටසිය ගණන්වල බවත්, වර්තමානයේ දියුණු රටවල ජනතාව වැඩ කරන්නෙ පැය 06ක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි .

එවන් තත්ත්වයක් ලෝකයේ පැවතියද ලංකාවේ ආණ්ඩුව පැය අටේ වැඩ මුරය වෙනුවට පැර 12 ක වැඩ මුරයක් හඳුන්වා දීමටත්, කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට සහ දරුවන් රැකියාවේ යෙදවීමට නීති හදනා බවත් ඔහු පැවසීය.

වැඩකරන ජනතාව තවත් පීඩාවට පත් කරමින් කම්කරු නීති 13 ක් සංශෝදන කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට බවත් එයට එරෙහිව සියලු දෙනා විරෝධය පල කළ යුතු බවත් ඔහු පැවසීය.

යෝජිත කම්කරු නීතිවලට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අත් පත්‍රිකා බෙදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *