අමෙරිකාවේදී පුහුණුවන යානා දෙකක් ගැටෙයි

අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව ය.

එරට හමුදා ප්‍රකාශක John Pennell ප්‍රකාශ කර ඇත්තේ යානයේ නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් නිල තොරතුරු ලැබුණු විට මාධ්‍ය වෙත ලබාදීමට පියවර ගන්නා අතර සහ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *