අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.00යේ සිට පෙරවරු 10.00 දක්වා ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස පිහිටි විශේෂ ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතය.

මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහද දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය

1941 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කර තිබේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *