අනතුරකින් ත්‍රි රෝද රථය ගිනිගනී – දෙදෙනකු මරුට..තවත් අයෙකුට බරපතලයි

මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටී දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

මෙම අනතුරින් පසු ත්‍රි රෝද රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කළා.

නාඋල – අරංගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර කාර් රථය පැදවු රියදුරු නාඋල පොලිසියේ අත්අඞංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!