2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකෙරේ .
ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කරනා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි .
මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කරදීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන ළමුන් වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි .