අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරනු ලැබේන බවත් එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *