අද සිට දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ සඳහන් කළේ, දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බවය.

2321/ අංක 7 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පසුගිය 27වන දින දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති අතර

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පණතේ දෙවන වගන්තිය ප්‍රකාරව, සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද සිට අවලංගු කිරීමට නියමිතය.

ඒ අනුව හෙට (15) දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රී සිට පැය 24ක අඛන්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය රියදුරු සංගමය පවසයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ක්‍රියාකාරකම්වලට විරෝධය පළ කරමින් එම අඛණ්ඩ වර්ජනය සිදුකරන බව එම සංගමය සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *