අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතය.

නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ අංක 2208/13 දරණ ගැසට් පත්‍රයේ පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *