අදත් පළාත් 05 ක රෝහල්වල වැඩ වර්ජන

අද (14) දිනයේත් පළාත් පහක සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කරණ බව වෛද්‍ය සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය ප්‍රකාශ කළේය.

රෝහල්වල අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.

කෙසේ නමුත් ඊයේ රාත්‍රියේ වෘත්තීය සමිති ජනාධිපති කාර්යාලයට සාකච්ඡාවකට කැඳවා තිබුණ ද ජනාධිපතිවරයා ඊට සහභාගි නොවීම හේතුවෙන්, සාකච්ඡාවට සහභාගි වූ අනෙක් නිලධාරීන් විසින් වෛද්‍ය ගැටළුවලට විසදුමක් ලබාදෙන බවට එම දැනුම් දුන් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *